මෝදිගේ අමතක නොවන ගමන

මෝදිගේ අමතක නොවන ගමන

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ දෙදින නිල සංචාරය අවසන් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ සිය ප්‍රංශ සංචාරය කිසිදා අමතක නොවන බවයි.

බැස්ටිල් දින සැමරුම් උත්සවයට සහභාගී වූ බැවින් මෙම ප්‍රංශ සංචාරය තමන්ට වඩාත් විශේෂ බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි සඳහන්.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ගේ සහ ප්‍රංශ ජනතාවගේ උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් තමන් ඔවුන්ට කෘතඥතාව පළ කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශ ජනාධිපතිවරයා වෙත සඳුන් දැවයෙන් නිර්මාණය කළ සිතාරයක් ද තෑගි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Share This