මෝදිගේ අමෙරිකානු සංචාරයෙන් ශක්තිමත් වූ ඉන්දියාවේ තාක්ෂණය

මෝදිගේ අමෙරිකානු සංචාරයෙන් ශක්තිමත් වූ ඉන්දියාවේ තාක්ෂණය

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය දෙරට අතර ක්ෂේත්‍ර රැසක පවතින සබඳතා තවත් ශක්තිමත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එහි වැඩි බලපෑමක් ඇත්තේ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයට බව ද සඳහන්.

සිය අමෙරිකානු සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ඉහළ පෙළේ සමාගම් සහ ව්‍යාපාර ප්‍රධානීන් හමුවුණා.

එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී පිචායි පවසා ඇත්තේ ගූගල් සමාගම ඉදිරියේදී ඉන්දියාවේ ඩිජිටල්කරණ අරමුදලට ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කරන බවයි.

ඩිජිටල්කරණය ඉන්දියාවේ දැක්ම අනෙකුත් රටවල් සඳහා සැලැස්මක් ලෙස ක්‍රියා කරන බවත් ඔහු පවසා ඇතැයි සඳහන්.

එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට අවස්ථාවක් හිමිවීම ගෞරවයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This