
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉන්දීය ධීවරයින් 14 දෙනෙකුට නිදහස
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ධීවර ගැටලුව පිළිබඳව අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට එකඟතා කිහිපයකට එළැඹ ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඒ අනුව මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවේ පසුවන ධීවරයින්ගේ ප්‍රශ්නයට මානුෂීය ප්‍රවේශයකට සහය වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට සමගාමීව ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර ඇති බව සඳහන්.
සාකච්ඡාවලින් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී ධීවර ගැටලුව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වූ බවයි.
දෙරටේ ධීවරයින්ගේ ජීවනෝපායට එය බලපාන බැවින් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් “මානුෂීය හා නිර්මාණාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීමේ” අවශ්‍යතාවය මෝදි අවධාරණය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.