
මෝදි විවෘත කළ දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩා සිදු අලියා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී විවෘත කෙරුණු දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇති බව ඊයේ එහි නිරීක්ෂණයකට ගිය විපක්ෂයේ දේශපාලන නායකයන් පිරිසකට අනාවරණය කරගත හැකි වී තිබෙනවා.
ඒ අනුව උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රුපියල් අසූ හතර ලක්ෂයකට අධික විදුලි බිලක් ලැබී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ ඉකුත් 2019 වසරේ පැවති යහපාලන ආණ්ඩු සමයේදීයි.
කෙසේවෙතත් එම සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී පසුගිය අප්‍රේල් 05 වැනිදා මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරුණා.
ඒ අනුව මීට පෙර අවස්ථා කිහිපයකදීම අනාවරණය වුණේ අදාල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා කටයුතු ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවටයි.