මෝදි හමුවීමට අමෙරිකාව බලාපොරොත්තුවෙන්

මෝදි හමුවීමට අමෙරිකාව බලාපොරොත්තුවෙන්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට අමෙරිකාව බලාපොරොත්තුවෙන් සිටින බව අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ උපායමාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක ජෝන් කර්බි පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවට සහ අමෙරිකාවට QUAD හවුලේදී ආරක්ෂක හවුල්කාරිත්වයක් සහ ශක්තිමත් සහයෝගීතාවයක් ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරයේදී ඔහු සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වන්නේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ජෝන් කර්බිගෙන් විමසා තිබෙනවා

එහිදී ඔහු පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය සංචාරය සඳහා සම්පූර්ණ න්‍යාය පත්‍රය සකස් කර ඇති බව තමන් විශ්වාස නොකරන බවයි.

එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පැමිණීම සතුටෙන් බලා සිටින බවයි අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ උපායමාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක ජෝන් කර්බි පවසා ඇත්තේ.

Share This