ඹෟෂධ මිල සූත්‍රය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න

ඹෟෂධ මිල සූත්‍රය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න

ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර හැකි ඉක්මනින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේදී උපදෙස් ලබා දී තිබෙනවා

ඒ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි

එමෙන්ම ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා

මෙහිදී හදිසි ඹෟෂධ මිලදීගැනීම සම්බන්ධයෙන් ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා

මේ අනුව ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකට යටත් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව වේගවත් යාන්ත්‍රණ‍යක් (Fast Track) ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට (Special pathway) නිකුත් කර ඇති බවත් මේ මගින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දුන්නා

විශේෂයෙන්ම 2022 වර්ෂයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියා මෙම ක්‍රමවේදය වෙනුවෙන් මැදිහත්වී ඇත් බව මෙහිදී අනාවරණය වූ අතර එම කාල සීම‍ාව තුළ කොළඔ පිහිටි ප්‍රධාන හෝටලයක පැවත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් සඳහා අනුමතිය ලබාගැනීමට සැලසුම්කොට තිබූ බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා

මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වෛද්‍යවරුන්ගේ විරෝධය පළ වී ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් පවතින බවත් මෙහිදී අනාවරණය වී ඇති අතරමේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී අදාළ කාලසීමාවේ ජාතික ඹෟෂධ නියාමනය අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්වීමට තීරණය කර ඇත්තේ

එසේම සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පවතින බැවින් සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් කිසිඳු ආයතනයකට මේ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ නීතිමය බලතල නොමැති බව කමිටුවේදී අනාවරණය වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන නීතිමය ප්‍රතිපාදන සකස්කොට තම ආයතනයට බලතල දෙන ලෙස නිලධාරීන් පෙන්වා දුන්නා.

මේ අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා

Share This