යක්කල පෙරටුගාමී – ජ.වි.පෙ. පක්ෂ කර්යාලයේ නඩුව 21 ට කල් යයි

යක්කල පෙරටුගාමී – ජ.වි.පෙ. පක්ෂ කර්යාලයේ නඩුව 21 ට කල් යයි

යක්කල, පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය සම්බන්ධ නඩුව අද (07) ගම්පහ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත්තා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබුණත්, ඔවුන් සූදානම් වීමට තවත් කාලයක් ඉල්ලා සිටි නිසා නඩුව ඔක්තෝබර් 21 දිනට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පෞද්ගලික කරුණක් මත මෙම නඩුව විභාග කිරීමෙන් ඉවත් වන බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කළ නිසා මින් ඉදිරියට නඩුව ගම්පහ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතයි.

Share This