යක්ෂ වන්දනාවේ යෙදුණු 260ක් අත්අඩංගුවට

යක්ෂ වන්දනාවේ යෙදුණු 260ක් අත්අඩංගුවට

ඉරානයේ ටෙහෙරාන් අගනුවර යක්ෂ වන්දනාවේ යෙදී සිටි යුරෝපීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 260 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉරානයේ දැඩි ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් නීති කඩ කළ බවට චෝදනා ලැබ සිටින කාන්තාවන්ට එරෙහිව රටපුරා ආරක්ෂක අංශ දියත් කර තිබූ මර්දනය ව්‍යාපාරයෙන් අනතුරුව මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.

එහිදී පිරිමින් 146 ක් සහ කාන්තාවන් 115 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉරානයේ ඉස්ලාමීය නීති යටතේ තහනම් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඔවුන් සන්තකයේ තිබූ බව සඳහන්.

එමෙන්ම වෙස් මුහුණු, හිස් කබල් සහ හිස් කබල් චිත්‍රයට නාහන ලද ටී-ෂර්ට් ඔවුන් සන්තකයේ තිබුණා.

කෙසේ වෙතත් යක්ෂ වන්දනාවේ යෙදී සිටි යුරෝපීයයන්ගේ තොරතුරු මෙතෙක් හෙළිකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This