යටත් නොවූ යුක්‍රේන භටයන් 13ක් මරා දැමු රුසියානුවෝ

යටත් නොවූ යුක්‍රේන භටයන් 13ක් මරා දැමු රුසියානුවෝ

කළු මුහුදේ කුඩා දූපතක සිටි යුක්‍රේන හමුදා සාමාජිකයින් 13 ක් රුසියානු යුද නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කළ නිසා  ඝාතනය කර තිබෙනවා

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ආරක්ෂක භටයින්ගේ නිර්භීතකම අගය කළ අතර ඔවුන් සියල්ලන්ටම මරණින් පසු රණවිරු ගෞරව පිරිනැමෙන බව සඳහන් කරනවා .

“යුක්‍රේනයේ දූපත Zmiiny  එය අවසානය දක්වා ආරක්ෂා කරමින්, සියලුම දේශසීමා ආරක්ෂකයින් වීරෝදාර ලෙස මිය ගියා  නමුත් අත්හැරියේ නැහැ,” යනුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.

ඔවුන් සියල්ලන්ටම මරණින් පසු “යුක්‍රේනයේ  වීරයා” යන නාමය පිරිනමන බවටයි වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ.

Share This