
යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි
බුත්තල නගර ආසන්නයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් වයස අවුරුදු විසි දෙකක තරුණයෙක් බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවු බවයි පොලිසිය සදහන් කළේ.
යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට හේතුව බවට අනාවරණය වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.