යතුරු පැදි‍යේ වේගය තරුණ අඹු සැමි යුවලට මරු කැඳවයි

යතුරු පැදි‍යේ වේගය තරුණ අඹු සැමි යුවලට මරු කැඳවයි

හොරණ මොරගාහෙන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගුවේදී අද දහවල් යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තරැණ අඹුසැමි යුවළක් යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ මොරගහහේන, බෙරුකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවන අඹු සැමි යුවලක් බවයි.

අද (04) දහවල් 11.20 පමණ හොරණ – මොරගහහේන ප්‍රධාන මාර්ගයේ මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිය මෙසේ අනතුරට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් පැවසුවේ වංගුවත් සමග පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් නිවැරදි මංතීරුවේ පැමිණි ලොරි රථයේ ගැටීී ඇති බවයි.

සිද්ධියෙන් පසුව මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේදි බරපතල තුවාල ලබා සිටි අඹුසැමි යුවළ මියගොස් ඇති ඇති බව පොලිසිය පැවසුවා.

 

 

Share This