යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක්

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක්

2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන් වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) ආරම්භ කර තිබෙනවා.

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව එක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙකු හට රු.මි.50ක් ද වී ගබඩා හිමිකරුවකු හට සහ වී තොග රැස් කරන්නෙකු හට රු. මි. 25ක්ද වන පරිදි උපරිම ණය මුදලක් 13%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකි බව සඳහන්.

ඉන් 9%ක් අදාළ ණය ඉල්ලුම්කරු විසින් දැරිය යුතු අතර ඉතිරි 4% පොළි සහනාධාරයක් ලෙස හිමි වනවා.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්…..

 

Share This