යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වා ගන්න “Be Connected. Stay Well.” ජාතික ව්‍යාපාරය දියත් කෙරේ

යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වා ගන්න “Be Connected. Stay Well.” ජාතික ව්‍යාපාරය දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් “යහපැවැත්ම සඳහා සම්භන්ධතා පවත්වා ගන්න නමින් ජීවිතයේ සියලු අදියරවල පූර්ණ යහපැවැතම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ඊයේ (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ දී උත්සවාකාරයෙන් ආරම්භ වුණා.

මෙය ළදරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා භෞතික,මානසික,සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම උදෙසා කියාත්මක වැඩසටහනක් වනවා.

මෙම ව්‍යාපාරය මගින් ජනතාව සෞඛ්‍ය සපිරුනු ජීවිත රටාවන් පිළිඹදව උනන්දු කරමින් තමන්,තම පවුල,තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග සඹඳතාව වර්ධනය කිරීමට උනන්දුවක් දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය තෝරා ගැනීම ද විශේෂයි.

 

Share This