
යළිත් අසනීපවන ග්‍රාම නිලධාරීන්
හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා
එහි ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහතා පැවසුවේ වසර ගණනාවක් නොවිසඳුණු ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව, වැටුප් විෂමතා මෙන්ම තවත් ගැටලු රැසක් මුල් කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවයි
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා මෙරට වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් එක්වන බවත් මේ හේතුවෙන් රාජ්‍ය සේවය මෙම දින දෙකේ සම්පූර්ණ අක්‍රීය වන බවත් අද (07) පවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවා
එමෙන්ම, විධායක නිලධාරීන්ට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 25,000 ක වැටුප් වැඩිවීමක් ලබා ගැනීම උදෙසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්