යළිත් ඩෙංගු අවදානමක්

යළිත් ඩෙංගු අවදානමක්

පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ අනුව නිවෙස්වල මදුරුවන් බෝවන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, පාසල්, උපකාරක පන්ති, ආගමික සිද්ධස්ථාන, හා ඉදිකිරීම් පරිශ්‍ර ආදී පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන වැඩිවී ඇතැයිද, මින් පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

Share This