යාගි සුළි කුණාටුවෙන් වියට්නාමයේ 197 මරුට

යාගි සුළි කුණාටුවෙන් වියට්නාමයේ 197 මරුට

යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ මියගිය පුද්ගලයින් පුද්ගලයින් සංඛ්‍යාව 197 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

එමෙන්ම ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 128ක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම හෙක්ටයාර් 250,000කට වැඩි වගාවන් ද විනාශ වී ඇති බවයි එරට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආපදා නිලධාරීන් කිකුත් කළ නිල වාර්තාවක දැක්වෙන්නේ

මීට අමතරව කුණාටුවේ බලපෑම හේතුවෙන් කුකුළන් සහ තාරාවන් මිලියන 1.5 ක් පමණ මිය ගොස් ඇති අතර ඌරන්, මී හරක් සහ එළදෙනුන් 2,500 ක් ද මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ

යාගි සුළි කුණාටුව වසර 30 කට පසු උතුරු වියට්නාමයට බලපෑ ප්‍රබලතම කුණාටුව බවයි එරට කාලගුණ විද්‍යාඥයින් පවසා ඇත්තේ

Share This