
යාත්‍රා 02ක් සමග ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට
මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ධීවරයින් දාහතර දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (08) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී යි
නාවික හමුදා භාරයට ගත් මෙම ඉන්දීය ධීවරයින් ඉරණතිව් දූපත වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි