යාපනයේ වට්ටුකෝට්ටෙයි දෙපිරිසක් අතර ගැටුමක් පාලනයට විශේෂ කාර්ය බලකාය කැදවයි

යාපනයේ වට්ටුකෝට්ටෙයි දෙපිරිසක් අතර ගැටුමක් පාලනයට විශේෂ කාර්ය බලකාය කැදවයි

යාපනයේ වට්ටුකෝට්ටෙයි මූලායි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත

වට්ටුකෝට්ටෙයි මූලායි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා පොලිසිය ඊයේ වෙඩි තැබීමක් සිදු කර ඇත.

රූප සටහන

වට්ටුකෝට්ටෙයි, මූලායි ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඊයේ(20) දෙපාර්ශවයක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ, ගැටුම පාලනය කිරීම සඳහා පොලිසිය එම ස්ථානයට ගොස් තිබුණා.

එහිදී වට්ටුකෝට්ටෙයි පොලිසියට කිහිප දෙනෙකු ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, තත්ත්වය පාලනය කිරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුව තිබුණා.

ගැටුමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පස් දෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ ගැටුම අතරතුර යතුරුපැදියකට ගිනි තැබීමෙන් එය විනාශ වී තිබුණා.

ඊට අමතරව, ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය තත්ත්වය පලනය කිරීමට කැදවනු ලැබුවා.

 

 

 

 

 

Share This