යාපනය – මහනුවර මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි – තවත් පාළම් රැසක් කැඩී ගමනා ගමන බාධා

යාපනය – මහනුවර මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි – තවත් පාළම් රැසක් කැඩී ගමනා ගමන බාධා

පැවති ජල ගැලීම් හේතුවෙන් දින ගණනාවක් ගමනාගමන කටයුතු අඩාලව පැවති යාපනය – මහනුවර මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

උතුරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසූවේ මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ද ආරම්භ කොට ඇති බවයි.

යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුව ද උතුරු පළාතේ ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි පවතින බවද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල ගැලීම් හේතුවෙන් පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, පුලියන්පොක්කනෙයි ප්‍රදේශයෙන් පාලමක් කැඩීයාමෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි පැවතුණා.

මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගයේ ද මුලතිව් නයාරු ප්‍රධාන පාලම ජල ගැලීම්වලට හසුව කැඩීයාම හේතුවෙන් අදාළ මාර්ගයේද ගමනගමන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසූවේ මන්නාරම සිට යාපනය දක්වා දිවෙන මාර්ගයේ ද ස්ථාන කිහිපයකින් මාර්ගයේ ගමනාගමන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි ඇති බවයි.

 

Share This