
යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වලට එක්වූ ජනපති
යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී නාග විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා
ඒ අනුව පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා ද හමු වී ආශිර්වාද ලබා ගත්තා
ඉන් අනතුරුව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය රදගුරු ජස්ටින් ඥාණප්‍රගාසම් පියතුමා බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා