“යුක්තිය” මෙහෙයුම නව මුහුණුවරකින්

“යුක්තිය” මෙහෙයුම නව මුහුණුවරකින්

යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක මැඩලීම නව මුහුණුවරකින් අද (04) සිට ක්‍රියාත්මක කෙරුණා

පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදා සිට මේ දක්වා සිදුකරන ලද වැටලීම් මගින් මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නියැළුණු 6000 ක පමණ පුද්ගලයින්, කාන්තාවන් පිරිසක්, එනම් 92% ක ප්‍රතිශතයක් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ

ඉන් ඇතැම් පිරිස් පුනරුපතාපනයට යොමුකර සමාජයේ ඔවුන් යහපත් පුරවැසියන් ලෙස ජීවත්වෙනවාද යන්න පසු විපරමින් පසුවන ක්‍රමවේදයන්ද සකසා ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ

එමෙන්ම යුක්තිය මෙහෙයුම තවදුරටත් ශක්තිමත්ව පවත්වාගැනීමට අවශ්‍යව ඇත්තේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළිවන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාලයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව ද සඳහන්

Share This