යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් දෙහැවිරිදි දැරියක් මරුට (VIDEO)

යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් දෙහැවිරිදි දැරියක් මරුට (VIDEO)

යුක්‍රේනයේ මධ්‍යම නගරයක් වන Dniproහි නේවාසික ප්‍රදේශයකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ලවීමෙන් දෙහැවිරිදි දැරියක් මියගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

තුවාල ලැබූවන්ගෙන් 5 දෙනෙකු ළමුන් බවත්, පිරිමි ළමුන් තිදෙනෙකු බරපතල තත්ත්වයේ රෝහල්ගතව සිටින බවත් එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට දොස් පවරා ඇති නමුත් ක්‍රෙම්ලිනය තවමත් මේ පිළිබඳව අදහස් දක්වා නැහැ.

ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් රට පුරා ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This