යුක්‍රේනයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙක් මරුට

යුක්‍රේනයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙක් මරුට

නැගෙනහිර යුක්‍රේනයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් විදේශ ආධාර ලබාදීම සඳහා සිටි ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ස්පාඤ්ඤයේ Road to Relief අධ්‍යක්ෂ එමා ඉගුවල් සහ කැනේඩියානු නිලධාරියෙකු වූ ඇන්තනි ඉහ්නාට් දෙදෙනා වාහනයකින් බක්මුට් දෙසට ගමන් කරමින් සිටියදී එල්ලවූ ප්‍රහාරයකින් මිය ගිය බවයි වාර්තා වන්නේ

එමෙන්ම ජර්මානු ස්වේච්ඡා සේවකයෙකු වන රූබන් මාවික් සහ ස්වීඩන් ජාතික ජොහාන් මතියාස් තයිර් දෙදෙනා බරපතළ තුවාල ලබා ඇති බවද සඳහන් වනවා

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කර ඇති බවද සඳහන්

Share This