යුක්‍රේනයට නේටෝ සංවිධානයෙන් ආධාර

යුක්‍රේනයට නේටෝ සංවිධානයෙන් ආධාර

නේටෝ සංවිධානය යුක්‍රේනයට තවත් ආයුධ ලබා දීමට පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම දැවැන්ත රුසියානු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් දරුණු ලෙස හානියට පත් වූ බලශක්ති යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහාද උදව් කරන බවටද නේටෝ සංවිධානය පොරොන්දු වී ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ

රුසියාවේ ප්‍රහාර හේතුවෙන් මිලියන සංඛ්‍යාත යුක්‍රේන වැසියන්ට මෙම ශීත කාලයේ විදුලිය හා ජලය නොමැතිව සිටීමට සිදුව තිබෙනවා

එමෙන්ම යුක්‍රේනය නේටෝ සංවිධානයෙන් දියුණු ගුවන් ආරක්ෂක පද්ධති ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ජිනීවා සම්මුතීන් යටතේ සිවිල් වැසියන්ට පහර දීම හෝ ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කිරීම යුද අපරාධයක් ලෙසයි අර්ථ දක්වන්නේ

බර්ලිනයේ පැවති රැස්වීමකදී, G7 කණ්ඩායමේ අධිකරණ ඇමතිවරු යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බවද සඳහන් කරනවා

පසුගිය අඟහරුවාදා, නේටෝ සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ යුක්‍රේනයේ සිවිල් සහ බලශක්ති ජාල වෙත රුසියාව අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර “මිලියන ගණනක මූලික මිනිස් අයිතීන් අහිමි කරන” බවයි.

යුක්‍රේනය රටේ විදුලි අවශ්‍යතාවයෙන් 30% ක් තවමත් සපුරා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This