යුක්‍රේනයට සහය ලබාදීම ගැන සාකච්ඡා කරන්න නේටෝ ආරක්ෂක අමාත්‍යවරුන් රැස්වෙයි

යුක්‍රේනයට සහය ලබාදීම ගැන සාකච්ඡා කරන්න නේටෝ ආරක්ෂක අමාත්‍යවරුන් රැස්වෙයි

යුක්‍රේනයට සහය දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නේටෝ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන් රැස්වී තිබෙනවා.

ඒ අනුව බ්‍රසල්ස් නුවරදී ඔවුන් මෙලෙස රැස්වී ඇති අතර තවදුරටත් සැපයුම්, ගුවන් ආරක්ෂක ආයුධ, පතොරම් සඳහා හදිසි අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවට එහිදී එකඟතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම නේටෝ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන් යුක්‍රේනය වෙනුවෙන් ආරක්ෂක සහය සහ පුහුණුව සඳහා සැලැස්මකට එකඟ වනු ඇති බව සඳහන්.

Share This