යුක්‍රේනයෙන් චීනයට චෝදනා

යුක්‍රේනයෙන් චීනයට චෝදනා

යුද්ධයේදී චීනය රුසියාවට සහය දෙන බවට සාක්ෂි හමුව ඇති බව යුක්‍රේනය පවසනවා.

යුක්‍රේන ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු අනාවරණ කර ඇත්තේ යුද පිටියෙන් හමුවන රුසියානු අවි ආයුධවල තිබී චීනයට අයත් තාක්ෂණික උපකරණ හමුවන බවයි.

යුද ගැටුම් හමුවේ රුසියාවට බටහිරින් කිසිදු සහයක් නොලැබෙන පසුබිමක් තුළ මේ බව අනාවරණ වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

යුද පිටියෙන් සොයා ගන්නා රුසියාවට අයත් ඩ්‍රෝන යානා සහ ටැංකිවල තිබී එලෙස චීනයේ නිෂ්පාදිත කොටස් සොයාගෙන ඇති බව එම වාර්තාවල සඳහන් වනවා.

රුසියානු ආයුධවල චීන උපකරණ ඇත්දැයි සොයා අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බව ද යුක්‍රේන ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් යුක්‍රේන යුද්ධයේදී රුසියාවට අවි ආයුද හා උපකරණ සපයන බවට එල්ල කරන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This