යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවතට

යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවතට

යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය Oleksii Reznikov සිය ධූරයෙන් නෙරපා හැර ඇති බව එරට ජනපති Volodymyr Zelensky නිවේදනය කර තිබෙනවා

2022 පෙබරවාරි මාසයේදී සිදුවූ රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමට පෙර සිටම Oleksii Reznikov ආරක්ෂක අමාත්‍යාංශය මෙහෙයවූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ නව ප්‍රවේශයන් සඳහා කාලය එළඹ ඇති බවයි.

යුක්‍රේනයේ රාජ්‍ය දේපල අරමුදල පවත්වාගෙන යන Rustem Umerov ව, හිටපු ආරක්ෂක අමාත්‍ය Oleksii Reznikovගේ අනුප්‍රාප්තිකයා ලෙස එරට ජනාධිපති Zelensky මහතා විසින් නම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This