යුක්රේනයේ ආරක්ෂක භටයෙක් කළ වෙඩි තැබීමකින් 5ක් ජීවිතක්ෂයට

යුක්රේනයේ ආරක්ෂක භටයෙක් කළ වෙඩි තැබීමකින් 5ක් ජීවිතක්ෂයට

යුක්රේනයේ නැගෙනහිර ඩිනිප්‍රෝ නගරයේදී ජාතික ආරක්ෂක භටයෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන්  කරනවා.

අභ්‍යවකාශ බලාගාරයේ ආරක්ෂක සාමාජිකයින්ට ආයුධ නිකුත් කරමින් සිටියදී මෙම 20 හැවිරිදි පුද්ගලයා වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Artemiy Ryabchuk නම් මෙම සොල්දාදුවා පලා යමින් සිටින බවත් පොලිසිය නගරයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සඳහන්

ප්‍රහාරයට හේතුව තවමත් අපැහැදිලි බවයි පැවසෙන්නේ.

මියගිය අයගෙන් එක් අයෙක් යුක්රේනයේ ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකාවක් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

 

Share This