යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් ප්‍රහාරයක්

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් ප්‍රහාරයක්

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරාය යටිතල ව්‍යුහයට රුසියානු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් එක් සිවිල් වැසියෙකුට තුවාල සිදු වූ බව එරට නිලධාරියෙක් සඳහන් කරනවා

ඊයේ (24) දකුණු Kherson සහ Zaporizhzhia ප්‍රදේශවලට එල්ලවූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්

මේ අතර පෝලන්තය යුක්‍රේන ධාන්‍ය සඳහා තම භූමිය හරහා ගමන් කිරීමට සහ අවශ්‍යතා ඇති රටවලට ළඟා වීමට මාර්ග සකස් කර ඇති බව ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩුඩා පවසා තිබෙනවා

එමෙන්ම රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එක්සත් ජනපදය රුසියාව සමග සෘජුවම යුද්ධයක යෙදී සිටින බවට ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු යුක්‍රේනයේ ආරක්ෂාවට ආධාර කරන රටවලට දොස් පැවරූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This