යුක්‍රේනයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියෙකුට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය

යුක්‍රේනයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියෙකුට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය

යුක්‍රේනයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියෙකුට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය හිමිව තිබෙනවා

ඒ Legion of Honour සම්මානයෙනුයි

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ප්‍රංශ-ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වෙත යවන ලද ලිපියක මෙම මාධ්‍යවේදියාව අගය කර ඇති අතර ඔහු තුළ තිබූ ධෛර්යය පිළිබඳවද සටහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පසුගිය මැයි මාසයේදී Bakhmut නගරය ආසන්නයේදී රොකට් ප්‍රහාරයකින් 32 හැවිරිදි Arman Soldin මිය ගිය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

රුසියානු ආක්‍රමණයෙන් පසු යුක්‍රේනයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් 17 දෙනාගෙන් Arman Soldin එක් අයෙකු බව මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුවට සඳහන් කර තිබෙනවා

ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macronගේ නියෝගයකට අනුව ඔහුට මෙම ගෞරව සම්මානය හිමිවූ අතර එරට ත්‍රස්ත විරෝධී නඩු පවරන්නන්ගේ කාර්යාලය ඔහුගේ මරණය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This