යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් මිසයිල ප්‍රහාර

රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේන නගර කිහිපයකටම හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩිනිප්‍රෝ නගරයේ කාන්තාවකට සහ දරුවන් තිදෙනෙකුට ජිවිතය ඉන් අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

නව මහල් නිවාසයකට හානි සිදුවී ඇති අතර මිසයිල 11ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් යුක්‍රේන ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බිම හෙළා ඇති බවද බලධාරීහු පවසා තිබෙනවා.

Kyiv නගරයේ හමුදා පරිපාලනයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ දින 51කින් පසුව අගනුවරට එල්ල වූ පළමු රුසියානු මිසයිල ප්‍රහාරය මෙය බවයි.

සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර ප්‍රහාරය නිසා පුද්ගලයින් පස් දෙනෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තා වී තිබෙනවා.

Share This