යුක්‍රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය ඉන්දියාවට

යුක්‍රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය ඉන්දියාවට

යුක්‍රේනයේ පළමු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Emine Dzhaparova අද (10) උදෑසන ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඒ සිව්දින නිල සංචාරයක් ආරම්භ කරමින්.

යුක්‍රේනයේ යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව එරට රජයේ ප්‍රධාන නියෝජිතයෙකු ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.

මෙම සංචාරයේදී යුක්‍රේනයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් Sanjay Verma සමඟ සාකච්ඡා පවත්වනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහිදී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම, යුක්‍රේනයේ වත්මන් තත්ත්වය සහ ගෝලීය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂිතයි.

එමෙන්ම මෙම සංචාරයේදී යුක්රේනය ඉන්දියාවෙන් මානුෂීය ආධාර අපේක්ෂා කරනු ඇති බව ද සඳහන්.

Share This