යුක්‍රේනයේ මහල් ගොඩනැගිල්ලකට රුසියානු ප්‍රහාරයක් – තිදෙනෙක් මරුට

යුක්‍රේනයේ මහල් ගොඩනැගිල්ලකට රුසියානු ප්‍රහාරයක් – තිදෙනෙක් මරුට

බටහිර යුක්‍රේනයේ Lviv නගරයේ මහල් ගොඩනැගිල්ලකට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය නගරාධිපති Andriy Sadovyi පැවසුවේ තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකු බරපතල තත්ත්වයෙන් පසුවන බවයි.

තවත් පිරිසක් සුන්බුන්වලට යටවී ඇති බවද සඳහන්

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු හමුදාව කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර බොහෝ මහල් නිවාස 50කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගලවා ගැනීමේ කණ්ඩායම් සෙවීම් කටයුතු දිගටම කරගෙන යන බවත් මෝටර් රථ 50ක් පමණ විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This