යුක්‍රේනයේ යුද කලාපයේ සිටි ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

යුක්‍රේනයේ යුද කලාපයේ සිටි ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

නැගෙනහිර යුක්‍රේනයේ යුද කලාපයේ රාජකාරියේ නිරතව සිටි ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන සොල්දාදුවන් පිරිසක් සමග සිටියදී මාධ්‍යවේදීන් කණ්ඩායමකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඒ අතර මොහුද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

32 හැවිරිදි අර්මන් සොල්ඩින් නැමැති මෙම ප්‍රංශ මාධ්‍යවේදියා AFP ප්‍රවෘත්ති ඒජන්සියේ සේවය කළ අයෙක් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

රුසියානු යුක්‍රේන යුද ගැටුම් වාර්තා කරමින් සිටිය දී ඝාතනයට ලක්වූ 15 වැනි මාධ්‍යවේදියා මොහු බවද මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සඳහන් කර තිබෙනවා .

Share This