යුක්‍රේනයේ Hroza ගම්මානයේ සෑම පවුලක්ම මිසයිල ප්‍රහාරයෙන් පීඩාවට

යුක්‍රේනයේ Hroza ගම්මානයේ සෑම පවුලක්ම මිසයිල ප්‍රහාරයෙන් පීඩාවට

පුද්ගලයින් 52 දෙනෙකුට මරු කැඳවූ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඊසානදිග ගම්මානයක් වන Hroza හි සෑම පවුලකම ජනතාව පීඩාවට පත්ව ඇති බව
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම Kharkiv ප්‍රදේශයේ ආපන ශාලාවකට පහර දීමෙන් මියගිය අය අතර අට හැවිරිදි පිරිමි දරුවෙකුද සිටි බවයි ආරක්ෂා අංශ පෙන්වා දෙන්නේ.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට දොස් පවරා තිබෙනවා.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් සෘජුව අදහස් දක්වා නැහැ.

කෙසේ වෙතත් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය Ria Novosti වාර්තා කරන්නේ රුසියානු හමුදාව Hroza ගම්මානය පිහිටා ඇති Kupyansk දිස්ත්‍රික්කය වෙත ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර 20ක් එල්ල කර ඇති බවයි.

Share This