යුක්‍රේනයේ Soledar නගරය රුසියාව අත්පත් කර ගනියි

යුක්‍රේනයේ Soledar නගරය රුසියාව අත්පත් කර ගනියි

දිගු සටනකින් පසු යුක්‍රේනයේ ලුණු ආකර නගරයක් වන Soledar අල්ලා ගත් බවට රුසියානු හමුදාව ප්‍රකාශ තිබෙනවා.

ඒ අනුව නගරය අත්පත් කර ගැනිම සිය ඉදිරි ප්‍රහාර සඳහා වැදගත් පියවරක් ලෙසයි රුසියානු හමුදා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම Soledar නගරය අත්පත් කර ගැනීමත් සමග රුසියානු හමුදාවන්ට ආසන්න නගරයක් වන Bakhmut ආක්‍රමණය කිරීමටත් එහි යුක්‍රේන හමුදා ඉවත් කර හැරීමටත් අවස්ථාව සැලසෙනු ඇති බවද ඔවුන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේන නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ Soledar සඳහා වන සටන තවදුරටත් පවතින බවයි.

Share This