යුක්‍රේනය රුසියානු හෙලිකොප්ටර් 09ක් විනාශ කරයි

යුක්‍රේනය රුසියානු හෙලිකොප්ටර් 09ක් විනාශ කරයි

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ Berdyansk සහ Luhansk නගරවලට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් රුසියානු හෙලිකොප්ටර් යානා 9ක් යුක්‍රේනය විනාශ කර තිබෙනවා.

Berdyansk සහ Luhansk නගරවල ගුවන් ආරක්ෂක පද්ධතියකට සහ අනෙකුත් උපකරණවලට මෙන්ම වෙඩි බෙහෙත් තොගයක්ද විනාශ කිරීමට යුක්‍රේන හමුදා සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මෙහෙයුමේදී රුසියානු හමුදා සාමාජිකයන්ද සැළකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය පිළිබඳ රුසියානු හමුදාවෙන් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

Share This