යුක්‍රේන අර්බුදය විසඳීමේ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහා “ගෝලීය දකුණේ” රටවලට චීනයේ සහය

යුක්‍රේන අර්බුදය විසඳීමේ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහා “ගෝලීය දකුණේ” රටවලට චීනයේ සහය

යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් චීනය “ගෝලීය දකුණේ” රටවලට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසනවා.

යුක්‍රේන අර්බුදය පිළිබඳ සාකච්ඡා සඳහා චීනය, බ්‍රසීලය, ඇල්ජීරියාව, දකුණු අප්‍රිකාව සහ තුර්කිය ඇතුළු “ගෝලීය දකුණේ” රටවල් 17 ක නියෝජිත කණ්ඩායමක් පසුගියදා නිව්යෝර්ක් හි පැවති රැස්වීමකට එක් වීමෙන් පසු ධනාත්මකව අදහස් දක්වමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි ඇය පවසන්නේ.

එසේම, “ගෝලීය දකුණේ” රටවල් යුක්‍රේන ගැටළුව සම්බන්ධයෙන් සාමූහිකව අදහස් පළ කළ පළමු අවස්ථාව එම ඒකාබද්ධ ප්‍රකාශය බව ද සඳහන් වනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් යුක්‍රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සාක්ෂාත් කර ගැනීමට සියලුම පාර්ශවයන් සහාය දෙන අතර මේ සම්බන්ධයෙන් සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමේදී “ගෝලීය දකුණේ” රටවලට සහාය වෙමින් ඉක්මනින්ම සාමය ළඟා කර ගැනීම සඳහා සක්‍රීය උත්සාහයන් ගැනීමට කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය මෙහිදී පැවසුවාය.

Share This