යුක්‍රේන ජනපතිගෙන් එරට හමුදා සාමාජිකයින්ට ප්‍රශංසා

යුක්‍රේන ජනපතිගෙන් එරට හමුදා සාමාජිකයින්ට ප්‍රශංසා

නැගෙනහිරින් රුසියානු ප්‍රහාර මැඩපැවැත්වීම සම්බන්ධයෙන් Kyiv හි සිටින තම හමුදාවන්ට ප්‍රශංසා කළ බව යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඔහු සඳහන් කරන්නේ පියවරෙන් පියවර යුක්‍රේන හමුදා ඉදිරියට යමින් සිටින බවයි

යුක්‍රේනය වැඩිදුරටත් සඳහන් කරන්නේ දකුණු කෙර්සන් ප්‍රදේශයේ පිහිටි රුසියානු පතොරම් ගබඩාවකට තමන් පහර දුන් බවයි

Nova Kakhovka වේල්ල කඩා වැටීමෙන් විපතට පත් වූ ප්‍රදේශවලට මානුෂීය ආධාර ලබා දීමට ප්‍රවේශ වීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබෙනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන්නේ “ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඔවුන්ගේ බැඳීම්වලට අනුකූලව ක්‍රියා කරන ලෙසයි “.

ප්‍රධාන වේල්ල කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් පුද්ගලයින් 45 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු ප්‍රකාශ කර තිබෙනවා .

Share This