යුක්‍රේන ජනපතිගේ උපන් නගරයටත් රුසියාවෙන් ප්‍රහාර – 6ක් මරුට

යුක්‍රේන ජනපතිගේ උපන් නගරයටත් රුසියාවෙන් ප්‍රහාර – 6ක් මරුට

යුක්‍රේනයේ Kryvyi Rih නගරයට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 10 හැවිරිදි දැරියක් සහ ඇගේ මව ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ උස් ගොඩනැගිල්ලකට සහ විශ්ව විද්‍යාලයකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් තවත් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ප්‍රාදේශීය ආණ්ඩුකාර Serhiy Lysak ජිවිත අහිමිවූවන් වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ජනාධිපති Volodymyr Zelenskyගේ උපන් නගරය වන Kryvyi Rih රුසියානු ප්‍රහාර සඳහා නිරන්තර ඉලක්කයක් වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පුද්ගලයින් 350කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිටින බවත්, හදිසි සේවකයින් විසින් තවත් 30දෙනෙකු ගොඩනැගිල්ලෙන් මුදා ගත් බවත් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කර තිබෙනවා

Share This