යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් බටහිරට රටවල නායකයින්ට යළිත් ඉල්ලීමක්

යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් බටහිරට රටවල නායකයින්ට යළිත් ඉල්ලීමක්

රුසියාවට එරෙහි සටනට සහය දැක්වීම සඳහා යුද ටැංකි එවීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර රටවල නායකයින්ට ස්තුතිය පළ කර ඇති නමුත් ඒවා කඩිනමින් ලබාදිය යුතු බව පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්‍රේන ජනපති Volodymyr Zelensky දිගු දුර මිසයිල සහ ප්‍රහාරක ජෙට් යානා එවන ලෙස බටහිරට රටවල නායකයින්ට දැනුම් දී තිබෙන බවද සඳහන් වනවා.

එක්සත් ජනපදය සහ ජර්මනිය යුක්‍රේනයට Abrams සහ Leopard ටැංකි යවන බව ප්‍රකාශ කිරීමෙන් පසුව යුක්‍රේන ජනපති Volodymyr Zelensky විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

Share This