යුක්‍රේන ප්‍රහාරයකින් තම යුද නැවකට හානි සිදුව ඇති බව රුසියාව තහවුරු කරයි(VIDEO)

යුක්‍රේන ප්‍රහාරයකින් තම යුද නැවකට හානි සිදුව ඇති බව රුසියාව තහවුරු කරයි(VIDEO)

කළු මුහුදේ වරායකට යුක්‍රේන ප්‍රහාරයක් එල්ල වීමෙන් තම යුද නැවකට හානි සිදුව ඇති බව රුසියාව තහවුරු කර තිබෙනවා .

ක්‍රිමියාවේ ෆෙඩෝසියා ප්‍රදේශයේදී ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වී ඇත්තේ

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවේ වැඩිදුරටත් සඳහන් කරන්නේ Novocherkassk නැමැති විශාල නෞකාවක මිසයිල රැගත් යුක්‍රේන ගුවන් යානයක් ගැටුණු බවයි.

මීට පෙර එහි ප්‍රහාරක යානා නෞකාව විනාශ කර ඇති බව යුක්‍රේන ගුවන් හමුදා ප්‍රධානියා පවසා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාවේ ස්ථාපිත ක්‍රිමියාවේ ප්‍රධානී Sergei Aksyonov පවසන්නේ ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් මිය ගිය බවයි .

තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා .

ගොඩනැගිලි හයකට හානි සිදුවී ඇති අතර සුළු පිරිසක් තාවකාලික නවාතැන් මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සිදු වූ බවයි Sergei Aksyonov වැඩිදුරටත් පවසන්නේ

Share This