යුක්‍රේන යුද්ධයේදී අමෙරිකාවට ඇති බලාපොරොත්තුව

යුක්‍රේන යුද්ධයේදී අමෙරිකාවට ඇති බලාපොරොත්තුව

යුක්‍රේන යුද්ධය නිමා කිරීම සඳහා නායකත්වය ලබා දෙන ඕනෑම පාර්ශ්වයක උත්සාහය පිළිගන්නා බව අමෙරිකාව පවසනවා.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

එහිදී එම මාධ්‍යවේදියා විමසා තිබුණේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා සහාය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තවමත් කාලය තිබේ ද යන්නයි.

එහිදී ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශකයා පවසා තිබුණේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට තවමත් කාලය පවතින බවයි.

එම යුද්ධය අවසන් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගන්නා ඕනෑම උත්සහයකදී ඔහුගේ හඬ අවදි කිරීමට ඉඩ ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා හේතුවන ඕනෑම උත්සාහයක් අමෙරිකාව පිළිගන්නා බව ද ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

මෙය යුද්ධය සඳහා යුගයක් නොවන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ප්‍රකාශයක් හමුවේ යුක්‍රේන යුද්ධය නිමා කිරීම සඳහා ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් ඇති කර තිබෙනවා.

Share This