යුක්‍රේන වරාය පහසුකම්වලට යළිත් රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේන වරාය පහසුකම්වලට යළිත් රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්

ඩැනියුබ් නදියේ ඉස්මයිල් ප්‍රදේශයේ යුක්‍රේන වරාය පහසුකම්වලට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Odesa කලාපයේ ආණ්ඩුකාර Oleh Kiper පවසන පරිදි, සිදු වූ ප්‍රහාරයෙන් වරාය සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් වලටද හානි සිදුව තිබෙනවා

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මොස්කව් වෙතින් ක්ෂණික ප්‍රතිචාරයක් නොමැති බවද සඳහන් වනවා

රුසියාව මාසයකට වැඩි කාලයක් ඩැනියුබ් ගඟ දිගේ යුක්‍රේනයේ වරාය පහසුකම්වලට පහර දෙමින්, යුක්‍රේනය සිය ධාන්‍ය අපනයනය කිරීමට ගංගාව භාවිතා කිරීම වැළැක්වීමට උත්සාහ කරනු ලබනවා

යුක්‍රේනය ලොව ප්‍රධානතම තිරිඟු සහ බඩ ඉරිඟු අපනයනය කරන රටක්ද වනවා

Share This