යුක්‍රේන සරණාගතයින් ජර්මනියේම රැඳී සිටීමට සූදානමක්

යුක්‍රේන සරණාගතයින් ජර්මනියේම රැඳී සිටීමට සූදානමක්

ජර්මනියට පැමිණි යුක්‍රේන සරණාගතයින්ගෙන් අඩක් පමණ ජර්මනියේම රැඳී සිටීමට සැලසුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද(12) ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව, යුද්ධයෙන් බේරීම සඳහා ජර්මනියට පැමිණි යුක්‍රේන සරණාගතයින්ගෙන් මිලියනයකට වඩා වැඩි පිරිසෙන් 44% ක් දිගු කාලීනව රට තුළ රැඳී සිටීමට කැමැත්තක් දක්වන බවයි සඳහන් වන්නේ.

නව සමීක්ෂණයේ දී දත්ත එකතු කරගත් සරණාගතයින්ගෙන්, 18% ක් මේ වනවිට ජර්මනියෙන් රැකියාවක් සොයාගෙන තිබෙනවා.

මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ රැකියා නියුක්තිය ඉහළ නැංවීමට අදහස් කරන ඒකාබද්ධතා සහ භාෂා පාඨමාලා සඳහා ඉහළ සහභාගීත්වයක් තිබීමයි.

සරණාගතයින්ගෙන් හතරෙන් තුනක් ජර්මානු පාඨමාලා හදාරමින් හෝ දැනටමත් මෙම පාඨමාලා අවසන් කර තිබෙනවා.

DIW Berlin ආයතනය, රැකියා පර්යේෂණ ආයතනය IAB, සංක්‍රමණ සහ සරණාගතයින් පිළිබඳ අමාත්‍යාංශය සහ ජනගහන පර්යේෂණ සඳහා වන ෆෙඩරල් ආයතනයේ ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මෙම නව සමීක්ෂණය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This