යුක්‍රේන සරණාගතයින් පැහැරගැනීමේ ජාවාරමක්

යුක්‍රේන සරණාගතයින් පැහැරගැනීමේ ජාවාරමක්

ස්පාඤ්ඤයේ Valencia සහ Murcia ප්‍රදේශවල සිටින යුක්‍රේන සරණාගතයින් පැහැරගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 7 දෙනෙකුම යුක්‍රේන ජාතිකයන් වන අතර ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි ස්පාඤ්ඤ පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙම සැකකාර යුක්‍රේන ජාතිකයන් සතුව තිබී ඔවුන් විසින් පැහැරගත් පුද්ගලයින්ගෙන් සොරකම් කරන ලද බැංකු ගිණුම් ඇතුළත් වාර්තා සහ තවත් භාණ්ඩ රැසක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අදාල පිරිස විසින් සංවිධානාත්මක ආකාරයෙන් යුක්‍රේන සරණාගතයින් පැහැරගැනීම සිදු කර ඇති බවට ස්පාඤ්ඤ බලධාරීන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේ රුසියා – යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දිනයේ සිට ස්පාඤ්ඤය විසින් යුක්‍රේන සරණාගතයින් 168,000 කට ආසන්න ප්‍රමාණයක් භාරගෙන තිබුණා.

Share This