යුක්‍රේන හමුදා භටයන් 250ක් මරා දැමූ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේන හමුදා භටයන් 250ක් මරා දැමූ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ ප්‍රධාන ප්‍රහාරයක් ව්‍යර්ථ කර යුක්‍රේන හමුදා භටයන් 250 දෙනෙකු මරා දැමූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා

යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ බලඇණි දෙකක් යොදා ගනිමින් ප්‍රහාරය දියත් කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ

කෙසේවෙතත් රුසියානු හමුදාවන් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීම සඳහා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

යුක්‍රේනය මාස ගණනාවක් තිස්සේ ප්‍රති-ප්‍රහාරයක් සැලසුම් කරන නමුත් හමුදාවන් පුහුණු කිරීමට සහ බටහිර රටවලින් හමුදා උපකරණ ලබා ගැනීමට කල් අවශ්‍ය වී ඇති බැවින් ප්‍රහාරය එල්ල කිරීමට කල් ගතවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

 

Share This