යුක්රේනයේ උපත ලද නවසීලන්ත පුරවැසියන්ට ලැබෙන අවස්ථාව
යුක්රේනයේ උපත ලද නවසීලන්ත පුරවැසියන් සහ පදිංචිකරුවන්ගේ ඥාතීන් 4,000 ක් පමණ භාර ගැනීමට නවසීලන්තය සැලසුම් කර ඇති බව එරට විදේශ අමාත්‍ය ක්‍රිස් ෆාෆෝයි නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
“ජාත්‍යන්තර වශයෙන් යුක්රේන ජාතිකයින්ට සහාය වීම සඳහා දශක කිහිපයකින් පිහිටුවන ලද විශාලතම විශේෂ වීසා කාණ්ඩය මෙය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ
ඒ අනුව මෙම වීසා කාණ්ඩය වසරක් සඳහා විවෘතව පවතින බවත් සාර්ථක අයදුම්කරුවන්ට රැකියා අයිතීන් සහිත වසර දෙකක වීසා ලබා දෙන අතර ඔවුන්ගේ දරුවන්ට නවසීලන්තයේ පාසල්වලට යාමටද අවසර දෙන බවයි පැවසෙන්නේ
විදේශ අමාත්‍ය ක්‍රිස් ෆාෆෝයි වැඩිදුරටත් පවසන්නේ නවසීලන්තයේ පදිංචිකරුවන් 1,600 කට යුක්රේනයේ පදිංචිව සිටින දෙමාපියන්, ආච්චිලා සීයලා , වැඩිහිටි සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ සමීපතම පවුල්වලට නවසීලන්තයේ ආරක්ෂිතව නවාතැන් ගැනීමට අනුග්‍රහය දැක්වීමට ඉඩ ලබා දෙන බවයි.
පෙබරවාරි 24 වන දින රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට මිලියන 2.8 කට අධික ජනතාවක් යුක්රේනයෙන් පිටව ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.