යුක්‍රේනයේ දහස් ගණන් ජනතාව  ඩොන්බාස්වලින් පලා යාමේ උත්සාහයක

යුක්‍රේනයේ දහස් ගණන් ජනතාව ඩොන්බාස්වලින් පලා යාමේ උත්සාහයක

නැගෙනහිර යුක්‍රේනයේ දහස් ගණන් ජනතාව රුසියාවේ මීළඟ ප්‍රහාරයට පෙර ඩොන්බාස් ප්‍රදේශයෙන් පලා යාමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේන නිලධාරීන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිතව සිටින අතරතුර පලා යාමට මෙම අවස්ථාව ගන්නා ලෙසයි.

මේ අතර රුසියානු හමුදා ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවලින් සමන්විත සමස්ත ඩොන්බාස් ප්‍රදේශයම පාලනය කර ගැනීම සඳහා යුක්‍රේන හමුදා වට කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවද සඳහන්

වටලනු ලැබූ වරාය නගරයක් වන Mariupol වෙතින් සරණාගතයින් 1,000 ක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා ගෙන යාමට රතු කුරුස සංවිධානය උදව් කර තිබෙනවා

එමෙන්ම හොස්ටොමෙල් නගරයේ පුද්ගලයන් 400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ප්‍රාදේශීය නිලධාරියෙක් පවසනවා .

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි රුසියාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධක ඉතා දුර්වල බව විවේචනය කරමින් කියා සිටියේ ඔවුන් ආක්‍රමණිකයන්ට ඔවුන්ගේ ප්‍රහාරය දිගටම කරගෙන යාමට අවසර ලබා ඇති  බවයි.

යුරෝපා සංගම් නායකයින් රුසියාවේ යුද ප්‍රයත්නයට හානි කිරීම සඳහා ඔවුන්ට පැනවිය හැකි තවත් ක්‍රියාමාර්ග මොනවාදැයි සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

යෝජනාවලට රුසියානු ගල් අඟුරු ආනයනය තහනම් කිරීම ඇතුළත් වන අතර සමහර ජ්‍යෙෂ්ඨ නායකයින් පවසන්නේ තෙල් සහ ගෑස් ද තහනම් කළ යුතු බවයි.

රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන යුක්‍රේනයේ  බුචා නගරයේ සිවිල් වැසියන් “සමූල ඝාතනය” ෆ්‍රැන්සිස් පාප් වහන්සේද  හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් අනතුරු අඟවන්නේ රුසියානු තෙල් ආනයනය සඳහා වූ බ්ලැන්කට් තහනමක් යුරෝපයේ බලශක්ති මිල ගණන් “අහසකට නැගීමට” හේතු වනු ඇති බවයි.

 

Share This