යුක්රේනයේ දෙවන විශාලතම නගරයේ ජනතාවගෙන් 30%ක් ගනු ලැබූ තීරණය
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් ප්‍රාන්තයට රුසියානු හමුදා විසින් දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි නගරාධිපති ඉහෝර් ටෙරෙකොව් පවසා තිබෙන්නේ ජනගහනයෙන් 30% ක් පමණ නගරය හැර ගොස් ඇති නමුත් මිලියනයක ජනතාවක් එහි රැඳී සිටින බවයි
එමෙන්ම සමහරුන්ට තම නිවෙස් හැර යාමට අවශ්‍ය නොවන බවත් සඳහන් කර සිටින බවයි පැවසෙන්නේ
රුසියානුවන් නේවාසික ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ල කරන බවත්, සිවිල් වැසියන්ට එයින් හානි සිදුවී ඇති බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා
මෙය සොල්දාදුවන්ට එරෙහි සොල්දාදුවන්ගේ යුද්ධයක් නොවන බවත් එය ජාතියක් ඝාතනය කිරීමක් බවයි ඔහු සඳහන් කරන්නේ